Search

වික්ටෝරියා වාහන අංක තහඩු ව්‍යාජව සකස් කිරීම් ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු ව්‍යාජව සකස් කර මංකොල්ලකෑම් ඇතුලු විවිධ අපචාර සඳහා යොදා ගැනීම් ඉහළ ගොස් තිබෙනවා.

ක්ලෝන පිටපත් තාක්ෂණය සහ මුද්‍රණ ක්‍රම යොදාගනිමින් එලෙස වාහන අංක තහඩු සකස් කෙරෙමින් පවතින බව සඳහන්.

විවිධ මංකොල්ලකෑම් වැනි අපරාධ සඳහා පැමිණීමටත් සොරකම් සිදුකර අධිවේගයෙන් පළායාම සඳහාත් ඔවුන් මෙම ව්‍යාජ අංක තහඩු භාවිත කරන බවටයි අනාවරණ වී ඇත්තේ.

වාහන අලෙවි කිරීම සඳහා සමාජ මාධ්‍ය තුළ හෝ විවිධ වෙබ් අඩවිවල දැන්වීම් පළ කිරීමේදී වාහන අංක තහඩුව දිස්වන ආකාරයට දැන්වීම් නොදමන්නැයි වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මෙම තත්වය වළක්වාලීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු සඳහා නව තාක්ෂණය යොදා ගැනීමේ වැඩපිළිවෙලක්ද දැන් ක්‍රියාත්මකයි.

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව සිටින්නන්ගේ වැඩිවීමක් ලාංකිකයන් 28 දෙනෙකුත් රැදවුම් භාරයේ

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

Read More »

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »