NSW ප්‍රාන්තවාසීන්ට $ 250 ක විදුලි බිල් සහනයක්

ලබන මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් යළි ජයගතහොත් විදුලිබිල් සඳහා ඩොලර් 250 ක ගාස්තු සහනයක් ලබාදෙන බවට නිවු සවුත් වේල්ස් ලිබරල් පක්ෂය සහතික වනවා.

එක් වරක් පමණක් ලබාදෙන දීමනාවක් ලෙස මෙම ගාස්තු සහනය ලබාදීමට නියමිත බවයි ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ නිවේදනය කලේ.

ලබන ජූලි මාසයේ සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළදි මෙය ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

තමන් මේ සඳහා සුදුසුකම් ලබන්නේ දැයි වෙබ් අඩවිය හරහා තහවුරු කරගැනීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට අවස්ථාව පවතිනවා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළද දැනට මේ හා සමාන ඩොලර් 250 විදුලි ගාස්තු සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »