ස්වදේශික ජනමත විචාරණය සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර සිදුකරන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ සංස්කෘතික ගැටුමක් ඇති කිරීම බවටයි අගමැතිවරයා චෝදනා කරන්නේ.
කුමන බාධා පැමිණියද ස්වදේශික ජනතාවගේ අයිතිවාසිකම් සුරකින නීති ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවට හඳුන්වාදෙන බවටයි ඇන්තනී ඇල්බනීස් සහතික වන්නේ.
ස්වදේශික ජනතාවට පාර්ලිමේන්තු නියෝජනයක් හඳුන්වාදීම ඇතුලු නීති ප්‍රතිසංස්කරණ කිහිපයක් මෙම යෝජනාවට අන්තර්ගතයි.
කෙසේවෙතත් ඊට පාර්ශව කිහිපයක් දැනටමත් විරෝධය පළකර ඇත්තේ එමගින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බවටයි.