පැරසිටමෝල් පැකට්ටුවේ පෙති ප්‍රමාණය අඩු කිරීමට ඔස්ටේ්‍රලියාවෙන් තීරණයක්

පැනඩෝල් සහ පැරසිටමෝල් පැකට්ටු තුළ ඇති පෙති ප්‍රමාණය අඩු කිරීමට ඖෂධ නියාමන පරිපාලන අධිකාරිය හෙවත් TGA විසින් තීරණය කර තිබෙනවා.

අධි මාත්‍රා භාවිතය හමුවේ සෑම වසරකදීම ඔස්ටේ්‍රලියානුවන් 225 දෙනෙකු රෝහල්ගත කෙරෙන බවටත් 50 කට ආසන්න පිරිසක් මියයන බවටත් තහවුරුවීම හමුවේයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව සුපිරි වෙළඳසැල් සහ කුඩා අලෙවිසැල් වල අලෙවි කෙරෙන පැනඩෝල් සහ පැරසිටමෝල් පැකට්ටුවල අන්තර්ගත පෙති සංඛ්‍යාව 20 සිට 16 දක්වා අඩු කිරීමට නියමිතයි.

ඖෂධවේදියෙකුගේ අවසරයක් යටතේ පමණක් පෙති 100 යේ පැකට්ටු අලෙවිකල හැකි වනු ඇති.

එක් පුද්ගලයෙකුට එක් අවස්ථාවකදී මිළදී ගත හැකි පැරසිටමෝල් ප්‍රමාණය සඳහා සීමා පැණවීමටත් TGA විසින් මීට ඉහතදී තීරණය කරනු ලැබුවා.

කෙසේවෙතත් මෙම තීන්දු අන්තර්කාලීන ඒවා පමණක් වන අතර මාර්තු 03 වනදා දක්වා මහජන අදහස් විමසීමෙන් අනතුරුව අවසාන තීරණයක් ගැනීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »