ඔස්ටේ්‍රලියාව පුරා නොමිළයේ TAFE පාඨමාලා ඇරඹෙයි

ඔස්ටේ්‍රලියාව පුරා TAFE පාඨමාලා නොමිළයේ හැදෑරීමේ අවස්ථා ලබාදීම ආරම්භ කර තිබෙනවා.

දැනට උග්‍ර සේවක හිගයක් පවතින ක්ෂේත්‍රවල පාඨමාලා හදාරන සිසුන් 180,000 කට නොමිළයේ සිය පාඨමාලා හැදෑරීමට මෙහිදී අවස්ථාව උදාවනු ඇති.

ඒ අනුව සෞඛ්‍ය – aged care – තොරතුරු තාක්ෂණය – කෘෂිකර්ම සහ කාර්මික යන අංශවල පාඨමාලා දහස් ගණනක් කිසිදු පාඨමාලා ගාස්තුවකින් තොරව හැදෑරීමට ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට හැකියාව පවතිනවා.

ස්වදේශික ජනතාවට මෙහිදී ප්‍රමුඛතාවය හිමිවන අතර ආබාධිත ප්‍රජාවටද ගාස්තු සහනය සඳහා ඉල්ලුම් කල හැකියි.

සෑම ප්‍රාන්තයක් සඳහාම වෙන් කෙරුණු කෝටාවක් මෙහිදී පවතින අතර මාස 12 ක කාලයක් ක්‍රියාත්මක වන මෙහි සමස්ත වටිනාකම ඩොලර් බිලියනයකට අධිකයි.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »