Search

ස්ථූලභාවය අවම කර ගැනීමට ඔස්ටේ්‍රලියානුවන් ගන්නා ඖෂධ පිළිබඳ අධ්‍යයනයක්

ස්ථූලභාවය අවම කර ගැනීම සඳහා ඔස්ටේ්‍රලියානුවන් විසින් ගන්නා ඖෂධ පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා.

ෆෙඩරල් රජය සහ ඩීකින් විශ්ව විද්‍යාලය ඒකාබද්ධවයි මෙය සිදුකරනු ලබන්නේ.

තරබාරු බව අඩු කර ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ඖෂධ පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව සඳහන්.

මීට අදාළව නිකුත් කර ඇති ඇතැම් මාර්ගෝපදේශ 2013 වසරේ සිටම වෙනස්වී නොමැති බවටයි වාර්තා වන්නේ.

ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණයෙන් 1/3 ක් එනම් මිලියන 12.5 ක් පමණ ස්ථුලභාවයෙන් පෙළෙන බවටයි පසුගියදා නිකුත් වු වාර්තාවක සඳහන් වූයේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »