
පර්ත් නගරයට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට නවාතැන් පහසුකම් සළසා ගැනීමේදි තරමක් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදුවී තිබෙනවා.
කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයට සිසුන්ගේ පැමිණිම පත්වීමත් සමග කුළී නිවාස හිගවීම ඊට හේතුවයි.
එමෙන්ම නිවාස කුළී අගයන් ඉහළයාමද ප්‍රබල ගැටලුවක් බවට පත්වී ඇති බවටයි වාර්තා පළවන්නේ.

මෙම තත්වය මගහරවා ගැනීම සඳහා නවක සිසුන්ට සිය නවාතැන්පොළවල පහසුකම් සළසන්නැයි පර්ත් හි අධ්‍යාපන ආයතන විසින් පැරණි සිසුන්ට සහ අධ්‍යයන කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට දන්වා තිබෙනවා.
සිසුන් 5,000 කට පමණ මෙම තත්වයට මුහුණ පෑමට සිදුව ඇති බවද සඳහන්.
