නඩත්තු කිරීමට නොහැකිව එක් දිනයකදී ඔස්ටේ්‍රලියාව තුළ සුනඛයන් සහ බළලුන් 264 ක් මරණයට

නඩත්තු කිරීමට නොහැකිවීම මත එක් දිනයකදී ඔස්ටේ්‍රලියාව තුළ සුනඛයන් සහ බළලුන් 264 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් කෙරෙන බවට අනාවරණය වනවා.

ජීවන වියදම ඉහළ යාම – නිවාස කුළිය වැඩිවීම යන කරුණු මත සුරතල් සතුන් ඇති දැඩි කිරීමට අපහසුතා මතුවීමයි ඊට හේතු වී ඇත්තේ.

කිසියම් හේතුවක් මත සුරතල් සතුන් හදා වඩා ගැනීමට නොහැකි නම් වහා සත්ව සුභ සාධන මධ්‍යස්ථානයක් අමතන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

එලෙස පසුගිය වසරේදී භාරදී ඇති සතුන් ගණන 94,828 ක් වන අතර බළලුන් 35,571 ක් සහ සුනඛයන් 19,221 ක් ද ඒ අතර වුණා.

කෙසේවෙතත් සුරතල් සතුන්ට රැකවරණය ලබාදීමට ඉදිරිපත්වන පිරිසෙහි අඩුවක්ද නිරීක්ෂණය වන බවයි වාර්තා වන්නේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »