ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට නිහඩ විරෝධතාවයක් අද මෙල්බන් නුවරදී

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව නිහඩ විරෝධතාවයක් අද පස්වරුවේ මෙල්බන් නුවරදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ අහිමිවු නිදහසයන මැයෙන් ලොව පුරා පැවැත්වෙන කලු විරෝධයට සමගාමීවයි එය සංවිධාන කර ඇත්තේ.

වික්ටෝරියා හි වාසය කරන ලාංකිකයන් විසින් මෙහෙයවන මෙම විරෝධතාවය මෙල්බන් බොක්ස්හිල් හි නගර කවුන්සිලය ආසන්නයේදී අද පස්වරු 05 ට ආරම්භ වනු ඇති.

ඔස්ලංකා සහයෝගීතා සංවිධානය සහ එකමුතුව විසිනුයි එය මෙහෙයවනු ලබන්නේ.

නිහඩ විරෝධයක් ලෙස මෙම විරෝධතාවය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම – ත්‍රස්ත මර්දන පණත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් ගණනාවක් මීට හේතුවි තිබෙනවා.

මේ වැඩිදුර අදහස් දක්වන ඔස්ලංකා සහයෝගීතා සංවිධානය සහ එකමුතුව වෙනුවෙන් කණිෂ්ක චාමින්ද.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »