අපද්‍රව්‍ය ටොන් 5,200 ක් Coles සහ Woolworths ගබඩාවල

පාරිභෝගිකයන්ගෙන් ලබාගත් මෘදු ප්ලාස්ටික් ටොන් 5200 ක් වහා නියමිත ක්‍රමවේදයට බැහැර කරන්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් විසින් Coles සහ Woolworths සුපිරි වෙළඳ ජාලයන්ට දැනුම් දී තිබෙනවා.

ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් සඳහා අදාළ අපද්‍රව්‍ය භාර දෙන්නැයි පාරිභෝගිකයන්ට දැනුම් දුන්නද ඒවා මාස ගණනක් පුරා සුපිරි වෙළඳ ජාල දෙකෙහි ගබඩා 15 කට වැඩි සංඛ්‍යාවක ගොඩගසා ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එබැවින් එම ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල මුලුමනින්ම අසාර්ථක වී ඇති බවද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරින් විසින් දන්වා තිබෙනවා.

මෙම මෘදු ප්ලාස්ටික් තොගය පිහිණුම් තටාක 03 කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් පුරවාලීමට හැකි බවටයි තක්සේරු කර ඇත්තේ.

ප්‍රතිචක්‍රීකරණය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය 2030 වසර වනවිට 03 ගුණයකින් ඉහළ දැමීමයි නිවු සවුත් වේල්ස් බළධාරීන්ගේ සැළසුම වන්නේ.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »