ජනවාරි 01 ඔස්ට්‍රේලියා ක්‍රිකට් සම්ප්‍රදාය වෙනස්වන ළකුණු – AusLanka TV – Australian News for the Sri Lankan community

ජනවාරි 01 ඔස්ට්‍රේලියා ක්‍රිකට් සම්ප්‍රදාය වෙනස්වන ළකුණු

ජනවාරි 01 ඔස්ට්‍රේලියා ක්‍රිකට් සම්ප්‍රදාය වෙනස්වන ළකුණු

ජනවාරි පළමුවනදා සම්ප්‍රදායිකව සිඩ්නි ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට හැකිදැයි දකුණු ඔස්ට්‍රේලියා ක්‍රිකට් සංගමය ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයෙන් විමසීමක් සිදුකර තිබෙනවා.

ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් අගමැතිවරයාගෙන් විමසීමක් කර ඇති බවද සඳහන්.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ ඊට යහපත් ප්‍රතිචාරක් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

කාළගුණය – නරඹන්නන් සංඛ්‍යාව – ආර්ථික ප්‍රතිලාභ වැනි සාධක සළකා බැලීමේදී මේ සඳහා සුදුසුම ක්‍රීඩාංගණය ඇඩිලේඩ් ඕවල් බවයි දකුණු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

ඔවුන්ගේ ඉල්ලීම සම්බන්ධ අවසාන තීරණයක් ලබන සතියේ පැවැත්වෙන ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ මීලග රැස්වීමේදි ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් දීර්ඝ කාලයක සිට පවතින සම්ප්‍රදාය වෙනස් නොවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

COMMENTS