සේවක හිගයෙන් සිඩ්නි නුවර කසළ ගොඩගැසේ

සිය බල ප්‍රදේශයේ කසළ සහ ඉවතලන ගෘහ භාණ්ඩ නිසි පරිදි ඉවත් නොකිරීමට හේතු දක්වමින් සිඩ්නි නාගරික කවුන්සිලය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

සේවක හිගය සහ වෘත්තීය ක්‍රියාමාර්ග ඊට හේතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Alexandria, Annandale, Barangaroo, Beaconsfield, Dawes Point, Forest Lodge, Glebe, Haymarket, Millers Point, St Peters, Sydney and the Rocks යන ප්‍රදේශවල දින කිහිපයක සිට කසළ ඉවත් කර නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

ලබන 07 වනදා ද සිඩ්නි කසළ ඉවත් කරන්නන් විසින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් සංවිධාන කර තිබෙනවා.

මේ අතර සේවක හිගය හමුවේ රතු පැහැති කසළ බඳුන් ඉවත් කිරීමට පමණක් මේ වනවිට ප්‍රමුඛතාවය දෙන බවයි සිඩ්නි නාගරික කවුන්සිලය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »