පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට Commenwealth බැංකුවෙන් අලුත් වැඩක්

පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොමන්වෙල්ත් බැංකුව විසින් නව ආරක්ෂණ ක්‍රමවේද මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

ගණුදෙනුකරුවන් අතුරින් 1/4 කට පමණ සතියකට අවම වශයෙන් අවස්ථා 06 කදී හෝ scam ඝනයට අයත් දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ ලැබීම සැළකිල්ලට ගෙනයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව සෑම බැංකු ගණුදෙනුවකටම පෙර ගණුදෙනුකරුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම තවත් පුලුල් කර තිබෙනවා.

ලබන මාසය අග භාගයේදී සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා හඳුන්වාදීමට යෝජිත මෙමගින් වංචා සඳහා නාස්තිවන ඩොලර් බිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවයි කොමන්වෙල්ත් බැංකුව සඳහන් කරන්නේ.

මීට සමගාමීව කොමන්වෙල්ත් බැංකුවේ ජංගම දුරකථන ඇප්ලිකේෂනයටද නව ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »