ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයේ ඔස්ට්‍රේලියාව ස්ථාන 06 ක් පහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේදී 09 වන ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාවට මෙවර දර්ශකයේ ලැබී ඇත්තේ 15 වන ස්ථානයයි.
නවසීලන්තය සහ යුරෝපා රටවල් රැසක්ම මෙරට අභිබවා සිටීම විශේෂත්වයක්.
සාධක 05 ක් පදනම් කරගනිමිනුයි රටවල් 165 ක තොරතුරු ආශ්‍රයෙන් මෙම දර්ශකය සකස් කර ඇත්තේ.
දේශපාලන සංස්කෘතිය – සිවිල් අයිතිවාසිකම් යන අංශවලින් ඔස්ට්‍රේලියාව 2021 වසරට වඩා පසුගිය වසරේදී පහළගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.
2022 ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ නෝර්වේ රාජ්‍යයයි.