
පවර්බෝල් ජැක්පොට් ලොතරැයියේ ඊයේ පැවති දිනුම් ඇදීමේ division 01 සමස්ත ත්‍යාග මුදල වන ඩොලර් මිලියන 40 ක මුදල දිනාගැනීමට වික්ටෝරියා ප්‍රාන්තවාසී කාන්තාවක සමත්වී තිබෙනවා.
මෙම වසර තුළදී දිනාගනු ලැබූ ඉහළම ජය මල්ල මෙයයි.
පළමුවෙන් අදාළ ජයග්‍රාහී ඇමතුම ලැබුණු අවස්ථාවේදී එය විශ්වාස නොකළ බවත් මෙය වංචාසහගත ඇමතුමක් බවට සැක කල බවත් ඇය කියාසිටියා.

මෙම මුදලින් පළමුවෙන් සිය උකස් ණය ගෙවා අවසන් කිරීමටත් රැකියාවෙන් ඉවත්වී සිය පවුලේ සාමාජිකයන් සමග වැඩි වශයෙන් කාලය ගත කිරීමටත් අපේක්ෂා කරන බව අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති මෙම වික්ටෝරියා කාන්තාව පවසා සිටිනවා.
ඊයේ පැවති දිනුම් ඇදීමේදී division 02 ජයග්‍රාහකයන් 24 කට ආසන්න පිරිසක් ඩොලර් 26,000 බැගින් වන ත්‍යාග මුදල් දිනාගෙන තිබුණා.
