Search

$ 05 නෝට්ටුවට රජු ඕනෑමයි – විපක්ෂ නායක

ඩොලර් 05 නෝට්ටුවට 03 වන චාර්ල්ස් රජුගේ රුව අනිවාර්යයෙන් ඇතුළත් කල යුතු බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.

දැනට එහි පවතින දෙවන එළිසබෙත් රැජිණගේ රුව ඉවත් කර අලුතින් මුද්‍රණය කෙරෙන නෝට්ටුවල ස්වදේශික ලාංඡන ඇතුළත් කරන බවයි ෆෙඩරල් සංචිත බැංකුව ඊයේ නිවේදනය කලේ.

කෙසේ වෙතත් ඔස්ටේ්‍රලියාවේ රාජ්‍ය නායකයාගේ රුව ඩොලර් 05 නෝට්ටුවේ තිබිය යුතුය යන්න සිය ස්ථාවරය බව විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

මෙය ස්වදේශික ජනතාවට නිසි තැන හිමිවිය යුතුය යන ස්ථාවරයෙන් බැහැරවීමක් නොවන බවයි පීටර් ඩට්න් සඳහන් කලේ.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ස්වදේශික ජනමත විචාරණය සම්බන්ධයෙන් ෆෙඩරල් රජය විසින් සියලු තොරතුරු මෙතෙක් දී නොමැති බවටද විපක්ෂ නායකවරයා චෝදනා කලා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »