වෛද්‍ය උපදෙස් පමා කරන ඔස්ටේ්‍රලියානුවන් 50% කින් ඉහළට

වෛද්‍ය ගාස්තු අධික අගයක් දැරීම හමුවේ වෛද්‍ය උපදෙස් ගැනීම නොසළකා හැරි සහ ප්‍රමාද කල ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව පසුගිය වසරේදී සියයට 50 කින් පමණ ඉහළගොස් තිබෙනවා.

2021 වසරේදී එම අගය සියයට 2.4 ක් ලෙස පැවති නමුත් 2022 වසරේදී සියයට 3.6 ක් දක්වා වැඩිවී ඇති බවයි ඵලදායිතා කොමිසම නිකුත් කල සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

බහුතරයක් ඔස්ටේ්‍රලියානුවන් විසින් ප්‍රමාද කර ඇත්තේ හෝ නොතකා හැර ඇත්තේ මානසික රෝග සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම බවයි අනාවරණ වන්නේ.

මේ අතර දන්ත වෛද්‍ය විශේෂඥයෙකුගේ උපදෙස් ලබාගැනීම සඳහා ඇතැම් ඔස්ටේ්‍රලියානුවන් දින 800 කට ආසන්න කාලයක් පොරොත්තු ලේඛණවල රැඳී සිටින බව ඵලදායිතා කොමිසම සඳහන් කලා.

ඉතාම හදිසි රෝගී තත්වයකදී පවා ගිලන් රථයක් පැමිණිමට පැය 04 කට ආසන්න කාලයක් ගතවන බවටත් චෝදනා එල්ලවනවා.

මේ අතර අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කැබිනෙට්ටුව මෙම වසර සඳහා පළමු වරට අද රැස්වීමට නියමිතයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳවයි එහිදී වැඩිම අවධානයක් යොමු කෙරෙන්නේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »