
ආර්ථික අවපාතයකට යොමුවීමෙන් වැළකීමට නව බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔස්ට්‍රේලියාවට දැනුම් දී තිබෙනවා.
ඉහළ යන උද්ධමනය හමුවේ අයවැය පොරොන්දු ඉටු කිරීමට බදු ආදායම් ඉහළ නැංවිය යුතු බවයි ඔවුන් දක්වා සිටින්නේ.
මෙම යෝජනා පිළිගන්නා නමුත් කුමන කාලයකදී ක්‍රියාත්මක කල හැකිදැයි නිශ්චිතව ප්‍රකාශයට පත් කල නොහැකි බව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කලා.

කිසියම් අයුරකින් නව බදු පැණවීමට සිදුවුවහොත් එය ෆෙඩරල් මැතිවර සමයේදී ලේබර් පක්ෂය ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් කඩ කිරීමක්ද වනවා.
අලුතින් බදු හඳුන්වා නොදෙන බවටත් මහජනතාවට දී ඇති සහන කප්පාදු නොකරන බවටත් ඔවුන් පොරොන්දු දී තිබීමයි ඊඨ හේතුව වන්නේ.
