තවත් ප්‍රාන්තයක් පාසල් වේලාවේ දුරකථන තහනම් කරන්න යයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් පාසල් සිසුන්ට පාසල් කාලය තුළදි ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ලබන මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් එම යෝජනාව ක්‍රියාවට නංවන බවයි ප්‍රාන්තයේ වත්මන් විපක්ෂය වන ලේබර් පක්ෂය සඳහන් කරන්නේ.

නිවු සවුත් වේල්ස් හි ප්‍රාථමික පාසල්වල ජංගම දුරකථන භාවිතය තහනම් වන නමුත් ද්වීතීයික පාසල්වල එවැනි තහණමක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඔස්ටේ්‍රලියාව පුරා ප්‍රාන්තවල පාසල් කාලය තුළදී ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් වෙනස් වූ නීති අනුගමනය ආකාරයක් දක්නට හැකියි.

වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල සියලු රජයේ පාසල් තුළ ජංගම දුරකථන භාවිතය තහනම් වන අතර ක්වීන්ස්ලන්ඩ් හි එම රෙගුලාසි බලාත්මක කිරීම වගකීම පවරා ඇත්තේ එක් එක් පාසලටයි.

දකුණු ඔස්ටේ්‍රලියාවද අධියර යටතේ පාසල් වේලාවේදී ජංගම දුරකථන භාවිතය තහනම් කිරීම පසුගියදා ආර්ම්භ කරනු ලැබුවා.

බටහිර ඔස්ටේ්‍රලියාවේ පාසල් වේලාව තුළදී ජංගම දුරකථන භාවිතය තහනම් වන නමුත් ඒවා ක්‍රියාවිරහිත කර සිසුන්ට ළග තබාගත හැකියි.

Northern Territory පාසල් තුළ ප්‍රාථමික සිසුන්ට දුරකථන ළග තබාගත නොහැකි අතර ද්වීතියික සිසුන්ට ක්‍රියාවිරහිත කර ළග තබා ගත හැකියි.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »