වික්ටෝරියා සිසුන්ට සහ ගුරුවරුන්ට ChatGPT තහනම්

වර්තමානයේ අතිශය ජනප්‍රිය කෘත්‍රීම බුද්ධි සේවාවක් වන ChatGPT සිසුන්ට සහ ගුරුවරුන්ට පාසල් කාලය තුළදී භාවිත කිරීම තහනම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්ත රජය යටතේ පවතින සියලු පාසල්වල සර්වර් තුළ ChatGPT අවහිර කෙරෙනු ඇති.

වික්ටෝරියා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කලේ මෙය තාවකාලික පියවරක් පමණක් වන අතර ඉදිරියේදී එම තහනම ඉවත් කිරීම කෙරෙහි සළකා බලන බවයි.

ChatGPT භාවිත කර සිසුන් විභාග වංචාවල නිරත වනු ඇතැයි යන සැකය පදනම් කරගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

දැනටමත් නිවු සවුත් වේල්ස් – බටහිර ඔස්ටේ්‍රලියා – ටස්මේනියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල පොදු පාසල්වල ChatGPT අවහිර කර තිබෙනවා.

කෙසේවෙතත් දකුණු ඔස්ටේ්‍රලියාවේ පංති කාමර තුළ එය භාවිත කිරීමට කිසිදු බාධාවක් පවතින්නේ නැහැ.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »