
වායු බෑග (Air bag) වල දෝෂයක් හේතුවෙන් ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කල හොන්ඩා සහ මිට්සුබිෂි වර්ගවල වාහන 42,000 ක් පමණ ආපසු කැඳවා තිබෙනවා.
1997 සිට 2000 වසර දක්වා කාලයේදී නිෂ්පාදනය කරන ලද වාහන මාදිලි රැසක් ඊට අයත්.
The Honda models at risk – the Legend, CR-v and the Accord (1998 – 2000)

The Mitsubishi models at risk – NL Pajero, CE Lancer, WA Express, CE Mirage, and WA Starwagon (1997 – 2000)
අදාළ වාහන භාවිත කරන්නන්ට වහා එම වාහන පැදවීම නවතා අලෙවි නියෝජිතයන් අමතන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

දැනටමත් මෙම දෝෂය හමුවේ සිදුවූ රිය අනතුරුවලින් රියදුරන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බවයි ඔස්ටේරලියානු පාරිභෝගික කොමිසම සඳහන් කලේ.
අදාළ වාහන කොන්දේසි සහිතව දැනට වෙළඳපොළ වටිනාකම යටතේ නැවත මිළදී ගැනීමටද මිට්සුබිෂි සහ හොණ්ඩා සමාගම් එකග වී තිබෙනවා.