2024 Australia Awards ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

2024 Australia Awards ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

ලබන මැයි පළමුවනදා දක්වා අයදුම්පත් යොමුකල හැකි අතර සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන්ටද ඒ සඳහා අයදුම්කල හැකි වනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉහළ දක්ෂතා ඇති තරුණ තරුණියන්ට සිය කුසළතා ඉහළ නංවා ගැනීම සඳහායි ෆෙඩරල් රජය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ.

පසුගිය වසරේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් 27 ක් සඳහා එලෙස ශිෂ්‍යත්ව 2,075 ක් පිරිනැමුණු අතර වැය කෙරුණු මුදල ඩොලර් මිලියන 200 ක්.

මෙම වැඩසටහනට දායකත්වය සපයන ඕනෑම අධ්‍යයන ආයතනයක වසර 02 ක පාඨමාලාවක් හැදෑරීම සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනැමෙන අතර වසර 02 අවසානයේ අනිවාර්යයෙන් ඔස්ටේ්‍රලියාවෙන් බැහැරවී සිය මව් රට වෙත යාම අනිවාර්ය වනවා.

ඔස්ටේ්‍රලියානු ස්ථිර පදිංචිය සහිත තැනැත්තන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ඔස්ටේ්‍රලියානු විදේශ සබඳතා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි :

https://www.dfat.gov.au/people-to-people/australia-awards/australia-awards-scholarships

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »