$ 05 නෝට්ටුවෙන් චාර්ල්ස් රජුගේ රුව හැලේ

ඉදිරියේදී නිකුත් කෙරෙන ඩොලර් 05 නෝට්ටුවේ 03 වන චාර්ල්ස් රජුගේ රුව ඇතුළත් නොකිරීමට ඔස්ටේ්‍රලියා සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට ස්වදේශික ජනතාවගේ සංස්කෘතිය සහ ඉතිහාසය විදහා දැක්වෙන සිතුවමක් නෝට්ටුවට ඇතුළත් කෙරෙනු ඇති.

එහි එක් පසක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලත් අනෙක් පස එම සිතුවමත් ප්‍රදර්ශනය කෙරෙන ආකාරයෙනුයි නව නෝට්ටුව නිර්මාණය කෙරෙන්නේ.

දැනට භාවිත කෙරෙන 1992 වසරේදී නිකුත් කරන ලද ඩොලර් 05 නෝට්ටුවේ 02 වන එළිසබෙත් රැජිණගේ රුව දැක්වෙනවා.

ඇයගේ අභාවයෙන් පසු චාර්ල්ස් රජුගේ රුව ඊට ඇතුළත් කරන්නේද නොඑසේනම් වෙනත් සිතුවමක් ඇතුළත් කරන්නේද යන්න පිළිබඳ මාස කිහිපයක් විවිධ මතවාද පැවැතුණා.

කෙසේවෙතත් නව නෝට්ටුව මුද්‍රණය කර තවත් වසර කිහිපයක් යනු ඇති බවත් එතෙක් රැජිණ නිරූපණය වන නෝට්ටුව භාවිත කල හැකි බවත් ඔස්ටේ්‍රලියා ෆෙඩරල් සංචිත බැංකුව දන්වා සිටිනවා.

සිය තීරණය සඳහා ෆෙඩරල් රජය මෙන්ම ස්වදේශික ජනතාවද එකගත්වය පළකල බවයි ෆෙඩරල් සංචිත බැංකුව නිවේදනය කලේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »