මැක්ඩොනල්ඩ්ස් ඔස්ටේ්‍රලියාව තුළ ඩිලිවරි සේවා අරඹයි

ඔස්ටේ්‍රලියාව තුළ නිවාස වෙත ආහාර ඇණවුම් බෙදාදීමේ තමන්ගේම ඩිලිවරි සේවා ආරම්භ කිරීමට මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය පියවර ගෙන තිබෙනවා.

පළමු අධියරේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ තෝරාගත් අවන්හල් කිහිපයකදී පමණක් මැක්ඩොනල්ඩ්ස් ජංගම දුරකථන ඇප්ලිකේෂනය හරහා ඇණවුම් කරන ආහාර බෙදා හැරීමේ නියමු ව්‍යපෘතියක් ආරම්භ කෙරෙනු ඇති.

මැක්ඩොනල්ඩ්ස් ආහාර ඇණවුම් සඳහා ඩිලිවරි සේවා දැනටමත් ක්‍රියාත්මක වුවද ඒවා බෙදාහරිනු ලබන්නේ Uber Eats ඇතුලු තවත් සේවා කිහිපයක් හරහා පමණයි.

මෙහි සාර්ථකත්වය මත රට පුරා තමන්ගේම ඩිලිවරි සේවා ආරම්භ කිරීමටයි මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය කටයුතු යොදා ඇත්තේ.

SOURCE:

https://7news.com.au/lifestyle/food/mcdonalds-australia-rolls-out-unbelievable-new-service-to-selected-stores-starting-today-c-9613116

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »