
ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු වන උස්මන් ක්වාජාට වීසා ගැටලුවකට මුහුණදීමට සිදුවී තිබෙනවා.
ඒ අනුව ඔහුට ඉන්දීය තරග සංචාරයට කණ්ඩායම සමග පිටත්ව යාමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බව සඳහන්.
ලබන 09 වනදා ආරම්භවීමට නියමිත තරගාවලිය සඳහා ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් ඊයේ සහ පෙරේදා දිනවලදී පිටත්ව ගියා.

එහෙත් උස්මන් ක්වාජාට මෙතෙක් ඉන්දීය වීසා නොලැබීම මත අද දිනය වනතෙක් පිටත්ව යාමට නොහැකිවන බව සඳහන්.
ඔහු පකිස්ථානයේ උපත ලබා තිබීමයි මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

2011 වසරේදීත් ඉන්දීය වීසා අයදුම් කිරීමේදී උස්මන් ක්වාජා මෙවැනිම ගැටලුවකට මුහුණ පා තිබුණා.
COMMENTS