ඔස්ටේ්‍රලියාවේ වැටුප් ලබන්නන් සහ විශ්‍රාමිකයන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක්

ඔස්ටේ්‍රලියාවේ ජිවන වියදම පිළිබඳ නවතම දත්ත කිහිපයක් සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන ආදායම් මාර්ගය රැකියා මගින් ලැබෙන වැටුප ලෙස සළකන පවුල්වල ජීවන වියදම පසුගිය වසරේදී ඉහළයාම සියයට 9.3 ක්.

එය 1987 වසරෙන් පසු ජීවන වියදම වැඩිම අගයකින් ඉහළ ගිය පළමු අවස්ථාවද වනවා.

විශ්‍රාමිකයන්ගේ වාර්ෂික වියදම් ඉහළයාම සියයට 7.6 ක් වන අතර එය 1999 වසරෙන් පසු සටහන්වූ වැඩිම අගය ලෙසයි සැළකෙන්නේ.

පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාව තුළ උකස් වාරික වැඩිවීම තක්සේරු කර ඇත්තේ සියයට 61.3 ක් ලෙසටයි.

ඊයේ සිට බලාත්මක වන පරිදි ඔස්ටේ්‍රලියාව තුළ ගෑස් මිල ගණන්ද සියයට 25 කින් පමණ ඉහළයාමක් සටහන් වුණා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »