ඔස්ටේ්‍රලියාව තුළ BMW යතුරුපැදි කරුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ටේ්‍රලියාව තුළදී අලෙවි කරනු ලැබූ BMW වර්ගයේ යතුරු පැදි 3,778 ක් ආපසු කැඳවා තිබෙනවා.

ඒවායෙහි තිරිංග පද්ධතිවල දෝෂයක් හමුවේ පාලනය ගිලිහී යාමේ අවධානමක් පැවතීමයි ඊට හේතුව වී ඇත්තේ.

ඇතැම්විට යතුරුපැදි කරුට මරණය පවා මෙමගින් අත්විය හැකි බවට අනතුරු ඇගවීමත් සමග මෙම යතුරු පැදි ආපසු කැඳවා තිබෙනවා.

BMW (K50) R1250 S, (K51) R1250 GS Adventure and the (K52) R1250 RT-P Authority Vehicle යන මාදිලිවලට අයත් 2017 සිට 2023 වසර දක්වා අලෙවි කරනු ලැබූ යතුරු පැදි මෙලෙස ආපසු කැඳවා ඇති බවයි නිවේදනය කලේ.

අදාළ යතුරුපැදි හිමිකරුවන්ට වහා සිය අලෙවි නියෝජිතයන් අමතන ලෙසටද දැනුම්දීමක් සිදු කෙරෙනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »