ඔස්ටේ්‍රලියාවේ පොදු රෝහල් 201 කින් නිසි කාර්ය සාධනය 03 ක පමණයි

ඔස්ටේ්‍රලියාවේ පොදු රෝහල් 201 අතුරින් නියමිත කාලය තුළදී රෝගීන්ට සත්කාරක සේවා සපයනුයේ රෝහල් 03 ක් පමණක් බව නවතම සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

පසුගිය වසරේදී එම රෝහල් සංඛ්‍යාව 15 ක් ලෙස පැවතුණා.

ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සම්මේලනය නිකුත් කල මෙම වාර්තාවට අනුව 2022 වසරේදී නිසි කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇත්තේ දකුණු ඔස්ටේ්‍රලියාවේ රෝහල් 02 ක් සහ නිවු සවුත් වේල්ස් හි රෝහලක් පමණයි.

බහුතරයක් රෝහල්වල ඇති අඩුපාඩු ලෙස රෝගීන් දක්වා ඇත්තේ බාහිර රෝගී අංශවල ප්‍රමාදය සහ සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදුවීමයි.

මෙරට රෝහල් සඳහා සපයන ප්‍රතිපාදන සියයට 40 ත් 50 ත් අතර සංඛ්‍යාවකින් ඉහළ නංවන ලෙසයි මෙම සතියේ රැස්වන ජාතික කැබිනට් මණ්ඩලයෙන් ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සම්මේලනය ඉල්ලා සිටින්නේ.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »