Search

NSW කුඩා ව්‍යාපාර අතුරින් 1/4 ක් කඩාවැටීමේ අවධානමක

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කුඩා පරිමාණ ව්‍යාපාර අතුරින් 1/4 ක් පමණ කඩාවැටීමේ අවධානමකට ලක්ව ඇති බවට ප්‍රාන්තයේ ප්‍රධාන ව්‍යාපාරික සංගමය වන Business NSW පවසනවා.

ලබන මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයගත්තද එය අවධානය යොමුකල යුතු කරුණක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඉහළ යන උද්ධමනය – පොළී අනුපාතික අගයන් ඉහළයාම – බලශක්ති ගාස්තු ඉහළයාම – රක්ෂණ ගාස්තු වැඩිවීම යන සාධක හමුවේ කුඩා පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාම දැඩි අසීරු කරුණක් බවයි Business NSW පෙන්වා දෙන්නේ.

මෙම තත්වය වළක්වාලීමට ව්‍යාපාර මත පණවා ඇති බදු ඉහළ දැමීමෙන් වළකින්නැයිද ප්‍රාන්තයේ පුහුණු නිපුණතා වීසා කෝටාව 15,000 සිට 30,000 දක්වා වැඩි කරන්නැයිද ඔවුන් ඉල්ලා සිටිනවා.

මෙම තත්වයට නිසි විසඳුමක් නොමැතිනම් ව්‍යාපාරික ස්ථාන වසා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි Business NSW සඳහන් කරන්නේ.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »