
වික්ටෝරියා ප්‍රාන්තයේ රැඳවුම් භාරයේ සිටින රැඳවියන්ට ඇප ලබාදීම සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
පොලිස් අත්අඩංගුවේ සිටි ස්වදේශික කාන්තාවකගේ මරණය වළක්වා ගත හැකිව තිබූ බවට විමර්ශන වාර්තාවක් විසින් අනාවරණය කිරීමත් සමගයි අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් මේ බව සඳහන් කලේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඇප කොන්දේසි අවසාන වරට සංශෝධනය කර ඇත්තේ 2018 වසරේදීයි.

ස්වදේශික ජනතාවට මෙම සංශෝධන හරහා වැඩි වරප්‍රසාදයක් අත්වන බවටයි අනාවැකි පළවන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ රැඳවියන් අතුරින් සියයට 8.2 ක් ස්වදේශික ජනතාව වන අතර කාන්තා රැඳවියන්ගෙන් සියයට 10 ක් ස්වදේශික කාන්තාවන් වනවා.
