253 ට ගිය පුහුණු රියදුරු බලපත් තරුණයා ඇඩිලේඩ් හිදී පොලිස් භාරයට – AusLanka TV – Australian News for the Sri Lankan community

253 ට ගිය පුහුණු රියදුරු බලපත් තරුණයා ඇඩිලේඩ් හිදී පොලිස් භාරයට

253 ට ගිය පුහුණු රියදුරු බලපත් තරුණයා ඇඩිලේඩ් හිදී පොලිස් භාරයට

පැයට කිලෝමීටර් 253 ක වේගයකින් මෝටර් රථයක් ධාවනය කල පුහුණු බලපත්‍රයක් පමණක් සහිත 20 හැවිරිදි තරුණයෙකු ඇඩිලේඩ් හිදි පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එය දකුණු ඔස්ටේ්‍රලියාවේදී මෙතෙක් සටහන්වූ පොලිස් භාරයට ගත් අයෙකු රිය ධාවනය කල වැඩිම වේග අතුරින් එකක් බවටයි අනාවරණ වන්නේ.

අදාළ තරුණයා එම අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවටද තහවුරු වී තිබෙනවා.

ඔහු සමග වාහනයේ ගමන් ගත් අනෙක් තැනැත්තාටද වලංගු පූර්ණ රියදුරු බලපත්‍රයක් තිබී නොමැති බව තහවුරු කරගෙන තිබෙනවා.

20 හැවිරිදි තරුණයාගේ පුහුණු බලපත්‍රය මාස 12 කට අවලංගු කර ඇති අතර වාහනයද දින 28 කට අත්හිටුවා තිබෙනවා.

COMMENTS