වසර 15 කට පසු ඔස්ටේ්‍රලියාවේ පළමු ගුවන් සේවයේ පළමු ගුවන් ගමන සිදු කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 15 කට පසු ඔස්ටේ්‍රලියාවේ පළමු ගුවන් සේවයේ පළමු ගුවන් ගමන සිදු කෙරේ

වසර 15 කට පසු ඔස්ටේ්‍රලියාවේ පළමු ගුවන් සේවයේ පළමු ගුවන් ගමන සිදු කෙරේ

වසර 15 කට පසු ඔස්ටේ්‍රලියාවේ ආරම්භ කල පළමු ගුවන් සේවයේ පළමු ගුවන් ගමන අද සිදු කෙරුණා.

අඩු පිරිවැය ගුවන් සේවයක් වන බොන්zසා ගුවන් සේවයේ පළමු ගුවන් ගමන යෙදී තිබුණේ සන්ෂයින් කෝස්ට් සිට විට්සන්ඩේ කෝස්ට් දක්වායි.

රජයේ නිළධාරීන් – මාධ්‍යවේදීන් සහ සංචාරක නියෝජිතයනුයි ඊට වැඩි වශයෙන් එක්ව සිටියේ.

ආරම්භයේදි ගමනාන්ත 11 කට ගුවන් ගමන් සිදුකරන මෙම ගුවන් සේවය දැනට වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය දක්වායි.

මෙල්බන් හි සිය එක් මූලස්ථානයක් කඩිනමින් ආරම්භ කිරීම සිය මීළග ඉලක්කය බව බොන්zසා ගුවන් සේවය නිවේදනය කරනවා.

ඉදිරි ගුවන් ගමන් සඳහා දැනටමත් ප්‍රවේශපත්‍ර 10,000 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී ඇති බවද ඔවුන් සඳහන් කරනවා.

COMMENTS