මාස 11 කට පසු ඔස්ටේ්‍රලියාවේ සිල්ලර වියදම් පහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

මාස 11 කට පසු ඔස්ටේ්‍රලියාවේ සිල්ලර වියදම් පහළට

මාස 11 කට පසු ඔස්ටේ්‍රලියාවේ සිල්ලර වියදම් පහළට

මාස 11 ක් පුරා ඉහළගොස් තිබූ ඔස්ටේ්‍රලියාවේ සිල්ලර වෙළඳාම් පිරිවැටුම පසුගිය දෙසැම්බර් මාසයේදී පහළගොස් තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල වාර්තාවේ සඳහන් වන්නේ පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී එම පහළයාම සියයට 3.9 ක් බවයි.

ඉහළ යන ජීවන වියදම හමුවේ ඔස්ටේ‍රලියානුවන් විසින් වියදම් අඩු කර තිබීම මීට හේතුව විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

බොහොමයක් පිරිස් විසින් නත්තල් සාප්පු සවාරි නොවැම්බර් මාසයේදීම අවසන් කර තිබීමද තවත් සාධකයක් විය හැකි බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලා.

නොවැම්බර් මාසයේ පැවති Black Friday වැනි දීමනා හමුවේ ඔස්ටේ්‍රලියානුවන් විශාල පිරිසක් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිළදී ගෙන තිබූ බවටයි වාර්තා පළවන්නේ.

දෙසැම්බර් මාසයේදී ආහාර සඳහා කල වියදම් පමණක් පෙර මාසයට සාපේක්ෂව ඉහළගොස් ඇති අතර ඇඳුම් – ගෘහ උපකරණ වැනි සියලු අංශවල වියදම් පහළගොස් තිබෙනවා.

COMMENTS