බටහිර ඔස්ටේ්‍රලියා අධිවිකිරණශීලී කැප්සියුලය තවමත් හමුවී නෑ – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඔස්ටේ්‍රලියා අධිවිකිරණශීලී කැප්සියුලය තවමත් හමුවී නෑ

බටහිර ඔස්ටේ්‍රලියා අධිවිකිරණශීලී කැප්සියුලය තවමත් හමුවී නෑ

බටහිර ඔස්ටේ්‍රලියාවේ මහා මාර්ගයකදී අධි විකිරණශීලීතාවයෙන් යුත් කැප්සියුලයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ප්‍රධාන පතල් සමාගමක් වන රියෝ ටින්ටෝ විසින් සමාව අයැද තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු ඩොලරයේ කාසියටත් වඩා කුඩා මෙම කැප්සියුලය මිලිමීටර් 08 – මිලිමීටර් 06 ප්‍රමාණයෙන් යුක්තයි.

එය සොයා මේ වනවිට බටහිර ඔස්ටේ්‍රලියාවේ කිලෝමීටර් 1400 ක දිගකින් යුත් මහා මාර්ගයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ 05 වන දිනයටයි.

කිසියම් ආකාරයකින් මෙම කැප්සියුලය නිරීක්ෂණය කලහොත් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

එහි ඇති අධි විකිරණශීලී භාවය හමුවේ සමෙහි පිළිස්සීම් සිදුවිය හැකිවීමත් පිළිකා වැනි රෝග තත්වයන් හටගත හැකිවීමත් ඊට හේතුවයි.

මෙම කැප්සියුලය දැනටමත් වෙනත් වාහනයක ටයරයක තැන්පත් වී සෙවුම් ප්‍රදේශයෙන් කිලෝමීටර් සිය ගණනක් දුරින් තිබිය හැකි වීමටද ඉඩ පවතිනවා.

COMMENTS