Search

වසරේ ඔස්ටේ‍රිලියා ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය 04 වන වරටත් ස්ටීව් ස්මිත් ට

වසරේ ඔස්ටේ‍රිලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන ඇලන් බෝර්ඩර් සම්මානය 04 වන වරටත් දිනා ගැනීමට ස්ටීව් ස්මිත් සමත්වුණා.

මේ අනුව අවස්ථා 04 කදී එම සම්මානය දිනාගත් රිකී පොන්ටින් සහ මයිකල් ක්ලාක් හා සමාන තත්වයට ස්ටීව් ස්මිත් ද පත්වනවා.

මෙවර තරග සමයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදැවී ළකුණු 200 ක්ද – දකුණු අප්‍රිකාවට එරෙහිව ළකුණු 104 ක්ද රැස් කිරීමට ඔහු සමත්වුණා.

ඊයේ රාත්‍රියේ පැවති ඔස්ටේ්‍රලියා ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඩේවිඩ් වෝර්නර් ද – ටෙස්ට් ක්‍රීඩකයා ලෙස උස්මන් ක්වාජා ද සම්මාන දිනාගනු ලැබුවා.

හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගනු ලැබුවේ බෙත් මූනි විසිනුයි.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ද ඇය විසින්ම දිනා ගනු ලැබුවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »