ඔස්ටේ්‍රලියාවේදී පැවති විස්සයි 20 ලෝක කුසලානයට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දැඩි ක්‍රිකට් තහණමක් පැණවීමේ අවධානමක් මතුවී තිබෙනවා
ඒ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලූම දේවල්වලට සම්බන්ධ වීම ඔහුට තහනම් කරන ලෙස ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් දී ඇති උපදේශයත් සමගයි.
ධනුෂ්ක සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වනු ඇති.
ධනුෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ වන විට තාවකාලික තහනමක් පනවා තිබෙනවා.
පසුගිය පන්දු වාර විස්ස ලෝක කුසලාන තරග සංචාරය තුළ සිදුවීම් පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයාට භාරදෙනු ලැබුවා.
පසුගිය වසරේ නොවැම්බර් මස 06 වැනි දින සිඩ්නි නුවර දී ධනුෂ්ක ගුණතිලකව අත් අඩංගුවට ගැනුණේ කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා හතරක් යටතේයි.
කෙසේවෙතත් නඩුව අවසන් වන තෙක් මෙරටින් පිටව යාමට ඔහුට ඉඩ හිමිවන්නේ නැහැ.