බ්‍රිස්බන් සහ හෝබාට් නිවාස මිළෙන් වාර්තා අතරට

මෑතකාලීන ඉතිහාසයේ වැඩිම අගයකින් නිවාස මිළ පහළ ගිය ප්‍රාන්ත අගනුවර 02 බවට බ්‍රිස්බන් සහ හෝබාට් පත්වී තිබෙනවා.

පසුගිය වසරේ ජූනි 19 වනදා බ්‍රිස්බන් නගරයේ නිවාස මිළ ගණන් උපරිම අගයක් වාර්තා කලේ සියයට 43 කට වැඩි අගයකින් ඉහළ යමිනුයි.

එම දිනයේ සිට මෙම වසරේ ජනවාරි 28 වනදා දක්වා බ්‍රිස්බන් හි නිවාස මිළ පහළ යාම සියයට 11 ක් බවයි නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

හෝබාර්ට් නගරයේද සියයට 9.3 කින් නිවාස මිළ ගණන් පහළ ගොස් ඇති බව සඳහන්.

කෙසේවෙතත් 2020 වසරේ අගෝස්තු මාසය හා සැසඳීමේදී ඔස්ටේ්‍රලියාව පුරා නිවාස මිළ ගණන් තවමත් පවතින්නේ ඉහළ අගයකයි.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »