ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ සැකකරු චෝදනාවකට වරද පිළිගනී

2021 වසරේදී ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් බටහිර ඔස්ටේ්‍රලියාවේ ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ සිද්ධියේ සැකකරු වන ටෙරන්ස් ඩැරල් කෙලී විසින් එක් චෝදනාවකට වරද පිළිගෙන තිබෙනවා.

ඒ අදාළ අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කල බවටයි.

මීට අදාළව ඔහුට දඩුවම් නියම කිරීම ඉදිරි දිනයකදී සිදුකෙරෙනු ඇති.

2021 වසරේ ඔක්තෝබර් මාසයේදී සිදුවු මෙම පැහැර ගැනීම එවක දැඩි කථාබහට ලක්වූ අතර එවක 04 හැවිරිදි දැරිය සොයාගනු ලැබුවේ දින 18 කට පසුවයි.

ටෙරන්ස් ඩැරල් කෙලී ට දඩුවම් නියම කිරීම ඉදිරියේදී පර්ත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකිරීමට නියමිතයි.

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »