මෙල්බන් Federation Square අසළදී දකුණු ආසියානුවන් දෙපිරිසක් ගැටුමක

මෙල්බන් ෆෙඩරේෂන් චතුරස්‍රය අසළදී ගැටුමක් ඇතිකර ගත් ඉන්දීය ජාතිකයන් දෙපිරිසක් විසුරුවා හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් ගම්මිරිස් විදින ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද පස්වරුවේ අවස්ථා 02 කදී මෙම කළහකාරී තත්වය ඇති වූ බව සඳහන්.

ඉන්දීය හිතවාදීන් සහ සික් රාජ්‍ය හිතවාදීන් ලෙස මෙම පිරිස හඳුන්වාගෙන තිබෙනවා.

පකිස්ථානයට මායිම්ව පවතින ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තය ඉන්දියාවෙන් ඉවත්ව වෙනම ප්‍රාන්තයක් බවට පත්විය යුතු දැයි ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ඉන්දීය ජාතිකයන් අතර මත විමසුමක් ඊයේ පැවැත්වුණා.

ඊට සමගාමීවයි ෆෙඩරේෂන් චතුරස්‍රය අසළට මෙම පිරිස් රැස්වී කළහකාරීව හැසිරී ඇත්තේ.

මෙහිදී කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »