බටහිර ඔස්ටේ්‍රලියා කර්මාන්ත රැසක සේවකයන් නින්ද නැතිව වැඩ

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කර්මාන්ත රැසකට සම්බන්ධ සේවකයන් විශාල පිරිසකට නියමිත ආකාරයෙන් නින්ද නොලැබෙන බව නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

එමගින් ඔවුන්ගේ කාර්යක්ෂමතාවයද සැළකිය යුතු අගයකින් අඩු වී ඇති බවයි අනාවරණ වන්නේ.

පැය 12 සහ පැය 06 සේවා මුරවල නිරතවීමෙන් අනතුරුව ඔවුන්ට ලැබිය යුතු නිසි නින්ද මෙලෙස නොලැබෙන බවටයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ සේවක හිගයයි.

විශේෂයෙන් බටහිර ඔස්ටේ්‍රලියාවේ පතල් කර්මාන්තය ආශ්‍රිතව මෙම තත්වය බහුලව දක්නට ලැබෙන බවද සඳහන්.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »