Search

NSW මැතිවරණයට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම අධ්‍යාපනයට $ මිලියන ගණනක පොරොන්දු

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගත හොත් ඩොලර් මිලියන 400 ක අධ්‍යාපන අරමුදලක් ස්ථාපිත කරන බවට ලේබර් පක්ෂය සහතික වනවා.

එමෙන්ම සිසුන්ගේ සාක්ෂරතාවය සහ ගණිතමය කුසලතා නංවාලන නව වැඩපිළිවෙලක්ද ආරම්භ කරන බවටයි ඔවුන් පොරොන්දු වන්නේ.

ලේබර් පක්ෂය විසින් මෙම ප්‍රතිඥාව ලබාදී ඇත්තේ නිවු සවුත් වේල්ස් හි වත්මන් පාලක පක්ෂය වන ලිබරල් සන්ධානය විසින් අධ්‍යාපනය නංවාලීම සඳහා ඩොලර් මිලියන 253 ක නව වැඩසටහන් ආරම්භ කරන බවට ප්‍රකාශයක් කර ඇති පසුබිමකදීයි.

මාර්තු මාසයේදී බලයට පත්වුවහොත් නොමිළයේ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් ලබන ජූලි මාසයේ සිටම ආරම්භ කිරීමයි ලේබර් පක්ෂයේ සැළසුම වන්නේ.

මේ අතර නිවු සවුත් වේල්ස් පාසල් රැසක නව අධ්‍යයන වාර අද ආරම්භ කෙරුණද බස් සහ ට්‍රෑම් ගමන් වාර රැසක් අවලංගු වීමෙන් සිසුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටි බව සඳහන්.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »