ඔස්ටේ්‍රලියානුවන් on hold සිටි කාලය පැය මිලියන 100 ක්

විවිධ පාරිභෝගික සේවා ඉටුකර ගැනීම සඳහා හදිසි ඇමතුම් අංක වෙත දුරකථන ඇමතුම් ගැනීමේදී පසුගිය වසර තුළදී ඔස්ටේ්‍රලියානුවන් ඇමතුමෙහි රඳවා සිටි (on hold) කාලය පැය මිලියන 96.5 ක් බවට ගණන් බලා තිබෙනවා.

විවිධ සේවා වෙනුවෙන් ඔස්ටේ්‍රලියානුවන් මිලියන 13.3 ක් පමණ පසුගිය වසරේදී පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථාන වෙත දුරකථන ඇමතුම් ගෙන ඇතැයි සඳහන්.

එය 2021 වසර හා සැසඳීමේදී පාරිභෝගිකයන් මිලියනයක පමණ ඉහළයාමක් බවටයි තක්සේරු කර ඇත්තේ.

එක් පාරිභෝගිකයෙකු සමස්ත වසර පුරා දුරකථන ඇමතුම්වල රැඳී සිටි කාලය පැය 07 කට අධික බවට ගණන් බලා තිබෙනවා.

ඇතැම් පැමිණිලි විසඳීමට සතියකට වැඩි කාලයක් ගතවු අවස්ථාද දක්නට ලැබී තිබීම විශේෂත්වයක්.

පාරිභෝගික සේවා සඳහා වඩාත් අප්‍රසන්නම අංශය බවට ඔස්ටේ්‍රලියානුවන් විසින් නම් කර ඇත්තේ දුරකථන හා සන්නිවේදන සේවාවනුයි.

රජයේ සේවා සහ මූල්‍ය සේවා දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »