Search

නිවාස ණය ගැනීමේදී බොරු කියන බවට ඔස්ටේ්‍රලියානුවන් 1/8 කට චෝදනා

ඔස්ටේ්‍රලියානුවන් දහස් සංඛ්‍යාත පිරිසක් නිවාස මිළ ගැනීම සඳහා ණය අයදුම් කිරීමේදී සිතාමතා අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන බව අනාවරණ වී තිබෙනවා.

ණය ඉල්ලුම් කරන්නන් අතුරින් 1/8 ක් පමණ සිය ආදායම සහ ගෙවීමට පවතින අනෙකුත් ණය පිළිබඳ වැරදි තොරතුරු ලබාදෙන බවටයි හෙළිවී ඇත්තේ.

මෙය ඉදිරියේදී ඔවුන්ට බරපතල ප්‍රතිවිපාක අත්කරනු ඇති බවත් ඇතැම්විට මිළයට ගන්නා නිවස අහිමිවීමට පවා ඉඩ ඇති බවටත් අනතුරු ඇගවෙනවා.

පවතින ආර්ථික වාතාවරණය හමුවේ නිවාස ණයක් අයදුම් කිරීමේදී සපුරාලිය යුතු ඇතැම් කොන්දේසි දැඩිවී තිබීමයි මීට ප්‍රධාන හේතුව වන්නේ.

මේ වනවිට ඔස්ටේ‍රලියාවේ Cash rate අගය සියයට 3.1 ක් ලෙස පවතින අතර ලබන 07 වනදා එය යළිත් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »