Search

Back to school ඡායාරූප ගැන ෆෙඩරල් පොලිසියෙන් අනතුරු ඇගවීමක්

පාසල් සිසුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පළ කිරීමේදී විමසිලිත් වන්නැයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය දෙමව්පියන්ට සහ භාරකරුවන්ට දැනුම් දෙනවා.

ප්‍රාන්ත රැසක නව පාසල් වාරය අද සහ ඉදිරි දිනවලදී ආරම්භවීම සැළකිල්ලට ගෙනයි ඔවුන් මෙම අනතුරු ඇගවීම සිදුකරනු ලබන්නේ.

Back to school හෙවත් නැවත පාසල් වෙත පැමිණිම දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පළකිරීමෙන් ඒවා ළමා ලිංගික අපරාධකරුවන් විසින් අයථා අන්දමින් භාවිත කල හැකි බවට අනතුරු ඇගවෙනවා.

පාසල් සිසුන්ගේ මුහුණු – පාසලේ ලාංඡනය වැනි සියල්ල ප්‍රදර්ශනය වන ආකාරයෙන් ඡායාරූප පළ නොකරන ලෙසද ෆෙඩරල් පොලිසිය දන්වා සිටිනවා.

එමෙන්ම මෙම ඡායාරූප යොදාගනිමින් අසභ්‍ය ඡායාරූප නිර්මාණය කර කප්පම් මුදල් ඉල්ලීමේ සිදුවීම්ද වාර්තා වන බවයි ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ.