වික්ටෝරියා පෙර පාසල් සිසුන්ගේ දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

පෙර පාසල් වියෙහි සිටින සෑම දරුවෙකුම නොමිලේ ලබාදෙන නව පෙර පාසල් වැඩසටහන සඳහා ලියා පදිංචි කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

පෙර පාසල් ළමුන් 140,000 කට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය වැය කිරීමට යෝජිත මුදල ඩොලර් මිලියන 270 ක්.

එමගින් එක් දරුවෙකු සඳහා වසරකට ඩොලර් 2,500 ක උපරිමයක් දක්වා එක් පවුලකට ඉතිරි කර දෙන බව වික්ටෝරිය ප්‍රාන්ත රජය පෙන්වා දෙනවා.

මෙමගින් 04 හැවිරිදි දරුවන්ට සතියකට පැය 15 ක් සහ තුන් හැවිරිදි දරුවන්ට සතියකට පැය 5 සිට 15 දක්වා පෙර පාසල් අධ්‍යාපනය ලබා ගත හැකියි.

වසර 2032 වනවිට පෙර පාසල් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය වෙන් කර ඇති ඩොලර් බිලියන 09 ක ආයෝජන වැඩපිළිවෙල සඳහා ඉදිරි වසර 10 වෙනුවෙන් අමතර ගුරුවරුන් 5,000 ක් අවශ්‍ය වන බවටයි ඇස්තමේන්තු ගත කර ඇත්තේ.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »