ඔස්ට්‍රේලියා රැපිඩ් කට්ටල මිලියන ගණනක් කල් ඉකුත්වීමේ අවධානමක

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් මිළයට ගන්නා ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අතුරින් මිලියන ගණනක් කල් ඉකුත්වීමේ අවධානමකට මුහුණදී තිබෙනවා.

ලබන මාර්තු 31 වනදා වනවිට බොහෝමයක් කට්ටල කල් ඉකුත් වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

පසුගිය වසරේදී පමණක් ඔස්ටේ්‍රලියානු ප්‍රාන්ත රජයන් විසින් මිළයට ගෙන තිබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සංඛ්‍යාව මිලියන 518 කට ආසන්නයි.

එක් ඔස්ටේ්‍රලියානුවෙකුට අවම වශයෙන් කට්ටල 22 ක් බැගින් ලබාදීමට එම තොගය ප්‍රමාණවත් බවටයි ගණන් බලා ඇත්තේ.

වැඩිම රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගයක් මිළයට ගෙනි තිබුණේ වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් වන අතර එම ප්‍රමාණය මිලියන 210 ක්.

අඩුම කට්ටල ප්‍රමාණයක් බෙදා හැර ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේයි.

කල් ඉකුත්වීමට නියමිත කට්ටල සියල්ල හැකිතාක් මහජනතාවට නොමිළයේ බෙදාහරින ලෙසයි විද්වතුන් විසින් ප්‍රාන්ත රජයන්ට දන්වා සිටින්නේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »