දකුණු ඔස්ටේ්‍රලියාවේ පාසල් සිසුන්ට අද සිට ජංගම දුරකථන තහනම්

දකුණු ඔස්ටේ්‍රලියාවේ පොදු පාසල්වල සිසුන්ට පාසල් වෙත ජංගම දුරකථන රැගෙන ඒම අද සිට තහනම් වනවා.

අධියරෙන් අධියර මෙම තහණම බලාත්මක වන අතර අද දිනයේ සිට පාසල් 44 ක පමණක් එය ක්‍රියාත්මක වනු ඇති.

03 වන වාරය ආරම්භයේ සිට සියලුම පාසල්වල මෙම තහණම බලාත්මක වන බව දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය නිවේදනය කර සිටිනවා.

පාසල් සිසුන් අතර සයිබර් හිංසන අවම කිරීමට මෙය ඉවහල් වනු ඇති බව සඳහන්.

කිසියම් අයුරකින් දුරකථන රැගෙන එන සිසුන්ට පාසල් ගේට්ටු අසල ඒවා රඳවා තබා යා හැකි අධි තාක්ෂණික ලොකර් ස්ථාපිත කිරීමටද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »