Search

ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණයෙන් අඩකට වැඩි පිරිසකට කොවිඩ් තිබිලා

ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණයෙන් අඩකට වැඩි පිරිසකට පසුගිය ජූනි මාසය වනවිට කොවිඩ් ආසාධනය වී තිබෙන්නට ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

මෙය දැනට නිල වශයෙන් තහවුරු කර ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව හා සැසඳීමේදී 03 ගුණයක් ඉහළයාමක් වනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකල සමික්ෂණයේදී අනාවරණ වී තිබුණේ ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 17 ක් පමණක්

කොවිඩ් ආසාධිතයන් බවට පත්වන්නට ඇති බවයි.

වයස අවුරුදු 18 ත් 89 ත් අතර පුද්ගලයන් 5139 කගේ රුධිර සාම්පල ආශ්‍රිතව ලබාගත් තොරතුරු අනුවයි මෙම දත්ත හෙළිකර ගෙන ඇත්තේ.