මෙල්බන් කාර්යාල වාර්තාවක් තියයි

පසුගිය ලොක්ඩවුන් කාලසීමාවේදී නිවසේ සිට රාජකාරි කිරීම් අවසන්වීමෙන් පසු ප්‍රධාන නගරවල කාර්යාල අතුරින් වැඩිම පිරිසක් සේවයට වාර්තා කර නොමැත්තේ මෙල්බන් නගරයේ බව අනාවරණ වී තිබෙනවා.

2022 ජූලි මාසයේදී මෙල්බන් නගරයේ කාර්යාල අතුරින් සේවා කටයුතු පවත්වාගෙන ගොස් ඇත්තේ සියයට 38 ක පමණයි.

එය ජූනි මාසයේ පැවති සියයට 49 හා සැසඳීමේදී කැපී පෙනෙන පහළයාමක්ද වනවා.

ජූලි මාසයේ ඇතැම් දිනවල මෙල්බන් කාර්යාල අතුරින් විවෘත කර ඇත්තේ සියයට 19 ක් වැනි ඉතා පහළ අගයක් බවද සඳහන්.

සිඩ්නි සියයට 52 ක් – බ්‍රිස්බන් සියයට 53 ක් සහ ඇඩිලේඩ් සියයට 64 ක් ලෙස කාර්යාල විවෘතව තැබීමේ කිසියම් පහළයාමක් පෙන්නුම් කෙරෙන නමුත් සෙසු සෑම ප්‍රධාන නගරයකම සතුටුදායක තත්වයකුයි පවතින්නේ.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »