ඉංග්‍රීසි ඉගෙනගන්න ඔස්ටේ්‍රලියාවට එන සිසුන්ට පණිවුඩයක්

ඔස්ටේ්‍රලියාවේදී ඉංග්‍රීසි භාෂා පාඨමාලා හැදෑරීම සඳහා ඇතුළත්වන ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව වසර 20 කට පසු අවම අගය සටහන් කර තිබෙනවා.

ගතවූ වසර 02 තුළදී එලෙස අහිමිවී ඇති මුදල ඩොලර් බිලියන 02 කට ආසන්න බවයි English Australia ආයතනය පවසන්නේ.

පසුගිය වසරේදී අධ්‍යාපන කටයුතු සඳහා පැමිණි සිසුන් සංඛ්‍යාව 2000 වසරේදී පැමිණි සිසුන් සංඛ්‍යාව හා අඩු මට්ටමක පැවති බවද නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවක සඳහන්.

2020 වසරේදී ජාත්‍යන්තර සිසුන් 90,130 දෙනෙකු ඔස්ටේ්‍රලියාව තුළ ඉංග්‍රීසි භාෂාව හදාරමින් සිට ඇති නමුත් 2021 වසරේදී එය 39,735 දක්වා සියයට 56 කින් අඩුවී තිබෙනවා.

මින් ප්‍රතිශතයක් ලෙස වැඩිම කඩා වැටීමක් පෙන්නුම්   කෙරෙන්නේ යුරෝපයේ සිට ඔස්ටේ්‍රලියාවට පැමිණි සිසුන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 74 ක පහළයාමක්.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ ඉංග්‍රීසි භාෂාව හදාරන වැඩිම සිසුන් පිරිසක් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවද ඇතුළත් ආසියා පැසිෆික් කලාපයෙන් වන අතර එම සංඛ්‍යාව 27,986 ක්.

මෙම තත්වය යථා තත්වයට පත්වීම සඳහා අවම වශයෙන් තවත් වසර 02 ක පමණ කාලයක් ගතවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »